#Transistor 01


ට්‍රාන්සිස්ටරය යනු ඕනෑම විදුලි බල පද්ධතියක ක්‍රියාකාරී උපාංගයකි. ශබ්ද විකාශන යන්ත්‍රවල සංක්‍යාත අදියරයන් උච්ච‍ සහ අවම අවස්ථාවන් මාරුකිරීම උදෙසා ද සහ විදුලි යතුරක් (switch) භාවිතා කරයි. දිනපතා මිනිස් ජීවිතය හා ගැටෙන තාක්ෂණයේ විස්මිත නිෂ්පාදන වන ජංගම දුරකථනය, පරිගණකය, වාහන ආදී සියල්ලේම ට්‍රාන්සිස්ටර අඩන්ගු නොවුනා නම් අතිශයින්ම වෙනස් පැවතීමක් අද ඇති වන්නට තිබුණි.

ට්‍රාන්සිස්ටරයයට පෙර නිෂ්පාදන යාන්ත්‍ර ශිල්පීන් විද්‍යුත් පරිපථ පරිපූර්ණ කිරීම සඳහා වැකියුම් නළ සහ විද්‍යුත්යාන්ත්‍ර ස්විචයක් භාවිතා කලහ. නළය පරිපූර්ණත්වයට වඩා වෙනස් උපක‍්‍රමයක් විය. ක්‍රියාවලිය නිමා වීමට පෙර එය අධික ලෙස රත්වී උණු වන්නට විය. ඒ මත අධික බලයක් යෙදවීමට තරම් විශ්වාසයක් තැබිය නොහැකි වූ අතර ප්‍රමාණයෙන්ද ක්‍රම ක්‍රමයෙන් වෙනස් විය. අතීතයේ රූපවාහිනීයේ සිට දුරකථනය දක්වා සෑම පද්ධතියකම මෙම ක්‍රමය භාවිතා කලද, දෙවන ලෝක යුද්ධයෙන් පසුව විද්‍යාඥයන් විසින් වැකියුම් නළ සඳහා විකල්පයක් සොයන්නට වූහ.

දශක කිහිපයකට පෙර ඔවුන්ගේ පැනයට පිළිතුරු ලබා දෙමින් වසර 1920 අග භාගයේදී Austro-Hungarian සම්භවයක් ඇති ජර්මන් භෞතික විද්‍යාඥයෙකු වූ Julius Edgar Lilienfeld විසින් නිපදවනු ලැබූ 'ක්ෂේත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටරය’  (Field effect transistor) වෙනුවෙන් මුල් වරට පේටන්ට් බලපත්‍රය ලබාගන්නා ලදී. සැබැවින්ම ඔහු සම්පූර්ණ උපාංගය නිමවුවා යයි සාධක නොමැති වුවද ඔහු ඔවුන්ගේ පර්යේෂණ වර්තමානයේ භාවිතා වන ට්‍රාන්සිස්ටරය දක්වා වර්ධනය වීමට උපකාරී විය.
Julius Edgar Lilienfeld
Field effect transistor


Lilienfeld ගේ පේටන්ට් බලත්‍රය ඔස්සේ වසර 20 කට පසුව විද්‍යාඥයන් විසින් ඔහුගේ අදහස ප්‍රායෝගිකව පරිශීලනය කිරීමට උත්සාහ ගත්හ. වටිනා ලෙසින් සලකනු ලැබූ එම අදහස මුදුන්පමුණුවා ගනුවස් ආයතනයේ සියල්ලෝම කණ්ඩායම් හැගීමෙන් යුතුව John Bardeen, Walter Brattain සහ William Shockley යන විද්‍යාඥන් තිදෙනා වැකියුම් නළය වෙනුවට ආදේශකයක් සොයන්නට වෙහෙස විය. ඒ අනුව වැකියුම් නළයකින් තොරව නිපදවන ලද ‘බෙල්’ දුරකථන පද්ධතිය අදහස් හුවමාරු කර ගැනීමේ සුවිශේෂී ක්‍රියාවලියක් විය.

වසර 1947 දී Shockley ‘බෙල් ‘ දුරකථන පර්යේෂණාගාරයේ ට්‍රාන්සිස්ටර ගවේෂක අධ්‍යක්‍ෂකවරයා විය. Brattain පරමාණු හා සම්බන්ධ ඝනරූප ආකෘති ස්වභාවය පිලිබඳ විශේෂඥයෙකු සහ භෞතික විද්‍යාඥයෙකු ද වූ අතර Bardeen විදුලු ඉංජිනේරුවරයෙකු හා භෞතික විද්‍යාඥයෙකු විය. වසරක් ඇතුලත දෙදෙනා එකතුව ජමේනියම් මුලද්‍රව්‍යය ඇසුරෙන් වර්ධක (amplifier) පරිපථයක් නිර්මාණය කලෝය. එය point contact transistor නමින් හඳුන්වන ලදී.

William B. Shockley
අනතුරුව Shockley ඔවුන්ගේ ආකෘතිය වැඩි දියුණු කරමින් ද්විඩ්‍රැව සන්ධි ට්‍රාන්සිස්ටරය (Bipolar junction transistor) නිර්මාණය කළේය.
Bipolar junction transistor

ඊලඟ වසරේදී ‘බෙල්’ පර්යේෂණාගාරය විසින් ක්‍රියාකාරී ට්‍රාන්සිස්ටරයේ නිමැයුම ලොවට දැනුම දෙන ලදී. ඒ අනුව මුලික පේටන්ට් බලපත්‍රය  ‘Semiconductor amplifier; three electrode circuit element utilizing conductive materials’ යටතේ හිමිවිය. එය උපද්‍රවයකින් තොර වූ යන විශ්වාසය කින් යුතුව සිය සොයාගැනීම 1956 භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය වෙනුවෙන් බෙල් පර්යේෂක කණ්ඩායම විසින් ඉදිරිපත් කරමින් අනාගත විද්‍යාඥයන් සහ ඉංජිනේරුවරයන් වෙනුවෙන් විශාලතර විදුලි ප්‍රවාහයේ පාලනයක් වෙනුවෙන් අනුමත කරන ලදී.

ට්‍රාන්සිස්ටරය යනු මිනිසා විසින් සාමුහිකව සිතා මතා සිය ප්‍රයෝජනය උදෙසා නිමවන ලද විකල්ප තාක්ෂණික පිම්මක් බව කීම අතිශයෝක්තියක් නොවේ. එය තව දුරටත් තාක්ෂණික පරිණාමය සමග වෙනස් වෙමින් මිනිස් ඉතිහාසයේ නව ලෝකයක සටහන් අතර ලියවෙනු ඇත.

How stuff works ඇසුරෙනි.

රැදී සිටින්න...

#arduino  #electronic  #diyproject  #arduinoproject  #inotronics