#transistor 02

ට්‍රාන්සිස්ටර ගැන පලවෙනි ලිපිය බැලුවෙ නැත්තන් ඉක්මනට ගිහින් ඒක බලල එන්න 🤭#transistor 01

ට්‍රාන්සිස්ටරයේ භාවිත ගැන අද කතා කරමු 😍


ට්‍රාන්සිස්ටරය යනු අර්ධ සන්නායක උපාංගයක් වන අතර එය වර්ධකයක් ලෙස සහ ස්විචයක් ‍ලෙස භාවිතා කරනු ලැබේ. තවද පරිගණකවල, ජංගම දුරකථන වල සහ අනෙකුත් සියලුම විද්‍යුත් උපකරණ වල භාවිතා වන මූලික විද්‍යුත් පරිපථ උපාංගයක් ලෙසද මෙය සැලකිය හැකිය.

ට්‍රාන්සිස්ටරයේ ඇති ඉක්මන් ක්‍රියාකාරිත්වයත්, නිරචද්‍යතාවයත් නිසා විවිධවූ කාර්යයන් සදභා මෙය යොදා ගනු ලබන අතර උදාහරණ ලෙස ධාරා වර්ධනය,වෝල්ටීයතා වෙනස්කිරීම්, සංඥා සැකසීම සහ දෝළක සැලකිය හැකිය. ට්‍රාන්සිස්ටර තනි ඇසුරුමක ආකාරයෙන් සහ සංගෘහිත පරිපථ (Integrated Circuit) වල අභ්‍යන්තර කොටසක් ලෙසද නිර්මාණය කර ඇත. සංගෘහිත පරිපථ වල අභ්‍යන්තරයේ මෙවැනි පරිපථ බිලියන ගණනක් පවතී.

 ට්‍රාන්සිස්ටරය නමින් හදුන්වනු ලබන මූලික විද්‍යුත් උපාංගය මගින් ඉතා කුඩා විද්‍යුත් සංඥාවන් වර්ධනය කල හැකි අතර එහිදී සිදුවනුයේ ට්‍රාන්සිස්ටරයේ පාදමට (base) සපයන ධාරාව (Ib) මගින් සංග්‍රාහකය (collector) තුලින් ගලා යන ඉතා විශාලවූ (Ic) ධාරාව පාලනය කිරීමයි. (මෙය ට්‍රාන්සිස්ටර ක්‍රියා කරන සමාන්‍ය ආකාරය වන අතර FET වල තරමක් වෙනස් වේ.)

ට්‍රාන්සිස්ටරය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකි අතර ඒවා නම් 

📌️ද්වීධ්‍රැව සන්ධි ට්‍රාන්සිස්ටරය (Bipolar Junction Transistor/BJT) 

📌️ ක්ෂේත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටරය (Field Effect Transistor/FET) වේ.


BJT ට්‍රාන්සිස්ටර වල ක්‍රියාකාරිත්වය සිදු වන්නේ ධාරාව මත වේ. එහෙත් FET ට්‍රාන්සිස්ටර ක්‍රියාකාරිත්වය සිදු වන්නේ වෝල්ටීයතාවය මත වේ. ඒ අනුව BJT හා FET ට්‍රාන්සිස්ටරවල ඇති ප්‍රධානම වෙනස්කම මෙය වේ.

BJT ට්‍රාන්සිස්ටර වල ප්‍රතිදාන ධාරාව බේස් අග්‍රයට ලබා දෙනු ලබන ආදාන ධාරාව මගින් පාලනය වේ. එහෙත් FET ට්‍රාන්සිස්ටර වල ප්‍රතිදාන ධාරාව පාලනය වන්නේ ගේට් අග්‍රයට දෙනු ලබන වොල්ටීයතාවය මත වේ. ඒ අනුව BJT ට්‍රාන්සිස්ටර වල කුඩා ආදාන ධාරාව මගින්  විශාල භාරයක් හැසිරවීම සිදු කරන අතර FET හි දී දෙනු ලබන කුඩා ආදාන වෝල්ටීයතාවය  මත ප්‍රතිදානයේ  විශාල භාරයක් හැසිරවීම සිදු කරනු ලබයි.

රැදී සිටින්න...

BJT හා FET ට්‍රාන්සිස්ටර වල ක්‍රියාකාරීත්වය පිළිබඳ විස්තරාත්මක ලිපි මාලාවක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

#arduino #electronic #diyproject #arduinoproject #inotronics