අර්ඩුයිනෝ යනු කුමක්ද? #arduino 01
අර්ඩුයිනෝ උපත ලබන්නේ 2005 දී ඉතාලියේ "Ivrea Interaction Design Institute" හිදීයි. මෙහිදී මෙය නිර්මණය කළ මැසිමෝ බන්සි, සහ ඩේවිඩ් මෙලිස් වන මොවුන්ගේ ප්‍රධාන අරමුණ වුයේ ඉලෙක්ට්‍රොනික් හෝ ප්‍රොග්‍රමින් පිළිබඳව දැනුමක් නොමැති සිසුන් සඳහා, විවිධ වු පර්යේෂණ කිරීමට හැකි පහසු වේදිකාවක් සකස් කර දීමයි.
Arduino යනු නිදහස් මූලාශ්‍ර පරිගණක දෘඩාංග හා මෘදුකාංග සමාගමක්ය, මෙය තනි පුවරු ක්ෂුද්‍ර පාලක කට්ටල නිර්මාණය සහ නිෂ්පාදනය කරයි. එමගින් භෞතික ලෝකය තුල වස්තූන් හා පාරිසරික වෙනස්කම්තු සංවේදක මගින් හදුනාගෙන ඒවා පාලනය කිරීමට හැකි ඩිජිටල් උපාංග සහ අන්තර්ක්‍රියාකාරී වස්තූන් තැනීම සඳහා සහය ලබා දේ.
GNU පොදු බලපත්‍ර (LGPL) යටතේ හෝ GNU General Public License (GPL) යටතේ අවසර ලබා දී ඇති නිදහස් මෘදුකාංග හා දෘඪාංග ලෙස මෙම වයාපෘතිෙය් නිෂ්පාදන බෙදා හැරේ. Arduino පුවරු වාණිජමය ආකාරයෙන් ලබා ගත හැකි වන අතර, බොහෝ උපංග ශ්‍රී ලාංකීය වෙළදසැල්වලදී මිලදී ගැනීමට පහසුකම් ඇත.
අර්ඩුයිනෝ බොර්ඩ්
අර්ඩුයිනෝ බොර්ඩ් එකක් යනු ඉලෙක්ට්‍රොනික් පරිපථයක්. ඒ තුළ මයික්‍රෝකොන්ට්‍රොලයක් අඩංගු වෙනවා. ඒ වගේම අපිට එයට පරිගණකයයේ මෙන් ආදාන(Input) ලබා දෙන්නත් ප්‍රතිදාන(Output) ලබාගන්න හැකියාව පවති. අර්ඩුයිනෝ බොර්ඩ් එකක් සමග සංවේදක(Sensor) භාවිතා කර අපිට LED කන්ට්‍රොල් කිරීම. මෝටර් කන්ට්‍රොල් කිරීම. නිවාස ස්වයංක්‍රීයකරණය, IOT ව්‍යාපෘති, රොබෝ ව්‍යාපෘති වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්කම තිබේ. අපි නිර්මාණය කරන්න අවශ්‍ය ප්‍රොග්‍රම් මගින් අර්ඩුයිනෝ බොර්ඩ් හැසිරවිම කරන්න පුළුවන්.
අර්ඩුයිනෝ බොර්ඩ් වර්ග ගොඩක් දැකගන්න පුළුවන්. දැනට ජනප්‍රියම බොර්ඩ් වර්ග ටික හා එහි ක්‍රියාකාරීත්වය පහත දක්වා තිබේ.
ARDUINO UNO
මෙය ATmega328 චිපය මත පදනම් වූ 8-bit මයික්‍රොකොන්ට්රෝලර් පුවරුවකි. එහි ඩිජිටල් ආදාන(Input) / ප්‍රතිදාන(Output) පින් 14 ක් ඇත. පුවරුවේ යළි පිහිටුවීමේ බොත්තමක් (Reset Button) ඇතුළුව ක්ෂුද්‍ර පාලකයට (Micro Controller) සහාය වීමට අවශ්‍ය සියල්ල එහි අඩංගු වේ; ආරම්භ කිරීම සඳහා ඔබ කළ යුත්තේ එය USB කේබලයක් මගින් පරිගණකයකට සම්බන්ධ කිරීම හෝ පවර් ජැක් සමග බැටරියක් සම්බන්ධ කිරිම පමණි.
ARDUINO MICRO
යම් කුඩා ව්‍යාපෘතියක් කරන්නේ නම් ඒ සදහා මෙම බොර්ඩ් එක වඩාත් ගැලපේ. මිලෙන් තරමක් වැඩිය. මෙය ප්‍රමාණයෙන් කුඩා නිසා ඔබට එය පහසුවෙන් ඔබගේ ව්‍යාපෘතිය ඇතුළත් කළ හැකිය.
ARDUINO NANO
මෙහි pin ගොඩක් පවති. එම නිසා ආදාන ප්‍රතිදාන ගොඩාක් සමග වැඩ කිරිමේ හැකියව ලැබේ. එවැනි ව්‍යාපෘති සදහා මනාව ගැලපේ. ඒ වගේම දත්ත ගබඩා කිරිමේ හැකියවද මෙහි තරමක් වැඩිය.
ARDUINO DUE
අර්ඩුයිනෝ මෙගා බොර්ඩ් එකට බොහෝ සෙයින් සාමන වනත් මෙහි වේගය (Speed), ගබඩා ධාරිතාව (Storage), මතක ශක්තිය (Memory) ඉහත බොර්ඩ් සියල්ලටම වඩා වැඩිය. මෙය 3.3v වලින් වැඩ කරයි.
#arduino #electronic #diyproject #arduinoproject #inotronics
0 Comments